අප ව්‍යාපාරය කිසිඳු විදෙස් රජයකින් අරමුදල් භාර නොගන්නා අතර, කිසිඳු දේශපාලන පක්ෂයකින්, වත්මන් හෝ හිටපු දේශපාලඥයන්ගෙන් ආධාර ලබාගන්නේ නැත.
අප විසින් භාරගන්නා ලද ආධාර ශිෂ්‍ය අනුග්‍රහය, දේශකයන් සඳහා පහසුකම් සැලැස්වීම, පරිවර්තකයන්ගේ, සම්පත් දායකයන්ගේ හා ස්ථිර කාර්ය මණ්ඩලයේ පිරිවැය පරිපූර්ණය කිරීම ඇතුළු Centenary Academy හි කටයුතු සඳහා යොදා ගැනේ.
ඉහල කාර්ය සාධනයක් පෙන්වන සිසුන් හට අපගේ ප්‍රතිපත්ති කමිටු හා එක්වීමට අවස්ථාව හිමි වේ. තව ද, ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය හා නිපුණතා වර්ධනය කෙරෙන ජාත්‍යන්තර පර්යේෂණ චාරිකා වලට එක් විය හැකි අතර ඔවුන්ගේ ත්‍රෛභාෂාමය හැකියා වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහාය ලැබේ.
රාජ්‍ය නිලයන් සඳහා තරඟ කිරීමටත්, රාජ්‍ය අංශයේ ප්‍රබල තනතුරු දක්වා ප්‍රවර්ධනය වීමටත් අපගේ සිසුන් ව දිරිමත් කරන්නෙමු. තම තමාගේ උතුම් අභිප්‍රායන් ඉටුකරගනීමට අවශ්‍ය වන උපදේශනය, සබඳතා, සම්පත් හා අවස්ථා ලබා දීමට කටයුතු කරන්නෙමු. රාජ්‍ය නිලයන් සඳහා තරඟ කිරන හා රාජ්‍ය අංශයේ සේවය කරන Centenary Academy හි සිසුන් හා සාමාජිකයින් සෑම වසරක ම ඔවුන්ගේ වගකීමට යටත් කිරීමට අපි කැප වී සිටින්නෙමු. සියවසට ශ්‍රී ලංකා ප්‍රතිඥාවට හා ආචාර ධර්ම පද්ධතියට අනුකූලව ඔවුන් කටයුතු කල යුතු වේ. ඔවුන්ගේ වත්කම් මහජනයා ඉදිරියේ ප්‍රකාශ කල යුතු අතර මැතිවරණ ව්‍යාපාර අරමුදල් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කල යුතු වේ.
අපගේ වැඩසටහන සති 52 පුරා පැවැත්වෙන අතර එහි පැය 700ක කාලයක් ආවරණය වන පරිදි න්‍යායාත්මක, ප්‍රායෝගික, සාමුහික හා අනුභූතිමය අධ්‍යන කටයුතු අඩංගු වේ. දේශපාලනය හා ආණ්ඩුකරණය, පරිසරය, විවිධත්වය සහ අන්තර්ග්‍රහණය, සෞඛ්‍යය හා යහපැවැත්ම, ආර්ථික ප්‍රතිසංස්කරණය යන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 6 ඔස්සේ ඔවුන්ට ඉගැන්වීම් කරනු ලබයි. සෑම දේශනයක් ම භාෂා ත්‍රිත්වයෙන් ම පවත්වනු ලබන අතර අදාළ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටින ශාස්ත්‍රඥයන් හා වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබයි. මේ සෑම ප්‍රතිපත්ති ක්ෂේත්‍රයක් අවසානයේ සිසුවාගේ ඡන්ද කොට්ඨාසයේ ප්‍රායෝගික පැවරුමක් කිරීමට හා මහජනයා සමග සම්බන්ධ වී කටයුතු කිරීමට යොමු කෙරේ. අවසාන වශයෙන්, නේවාසික පුහුණුව තුලින් සිසුන්ගේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කෙරෙහි මෙම විෂය මාලව තුලින් අවධානය යොමු වේ.
විෂය මාලව පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙතැනින් පිවිසෙන්න.
සෑම සැසිවාරයක්ම කිසිඳු මුදල් අයකිරීමකින් තොරව මෙහෙයවීමට කැපවී සිටින සුවිශේෂී ආචාර්ය මණ්ඩලයක් හා සම්පත් දායකයින් පිරිසක් අප සමග එක්ව සිටීම අපට ඉමහත් භාග්‍යයකි. සෑම සැසිවාරයක්ම භාෂා ත්‍රිත්වයෙන් ම මෙහෙයවනු ලැබේ (දේශන සටහන් ඇතුළුව). සෑම සිකුරාදා දිනකම ප.ව. 6:00 – ප.ව. 8:00 දක්වා පන්ති පැවැත්වෙන අතර සෑම මසකම අවසන් සති අන්තය නේවාසික පුහුණුව සඳහා වෙන් කොට ඇත. මෙම පුහුණු වැඩසටහන් තුල එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට හා එකිනෙකාගේ කුසලතා වර්ධනය කරගැනීමට අමතර කාලයක් ලැබෙන අතර ඒ තුලින් ප්‍රජාව සහ සාමාජිකත්වය පිළිබඳ ගැඹුරු හැඟීමක් ගොඩනඟාගැනීමටත් සිසුන්ට හැකි වේ.
සෑම ප්‍රතිපත්ති ක්ෂේත්‍රයක් අවසානයේ සිසුවාගේ ඡන්ද කොට්ඨාසයේ ප්‍රායෝගික පැවරුමක් කිරීමට හා මහජනයා සමග සම්බන්ධ වී කටයුතු කිරීමට යොමු කෙරෙන අවස්ථාව තුලින් විවිධ කාරණා සම්බන්ධයෙන් මහජනතාව ට ඇති දැනුම මට්ටම, උනන්දුව හා සැලකිල්ල මැන බැලීමට හැකි වේ. දේශපාලනයේ යෙදීමට අභිලාෂය දරන සිසුන් හට, ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමටත්, ඒවා ප්‍රායෝගික අවස්ථා වලට සම්බන්ධ කොට ජනයාට වඩාත් අදාළ කර දීමටත් ඇති හැකියාව මේ තුලින් වර්ධනය කරගත හැක. සිසුන් ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රජා සාකච්ඡා, ව්‍යාපෘති තම ඡන්ද කොට්ඨාසය / අනාගත දේශපාලන සටන් බිම කේන්ද්‍රකොටගෙන සිදු කරනු ලැබේ. තම ඡන්ද කොට්ඨාසය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් විශ්වාසනීයත්වය ගොඩනැගීමටත්, ජනතාවගෙ ස්පන්දය තේරුම්ගෙන, තම ආසනය ජයග්‍රහණය කරගැනීමට ඇති උපායමාර්ග වැඩිදියුණු කරගැනීමටත් හැකි වේ.
විෂය මාලාව ප්‍රධාන අංග 3කට බෙදා ඇත:
1. චරිත හා කුසලතා සංවර්ධනය.
2. සම්බන්ධිත තේමා.
3. සියවසට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති යොමුව.
චරිත හා කුසලතා සංවර්ධනය
1. ඇතුළාන්තය දෙස බැලීම, දැක්ම, වටිනාකම් හා තම දේශපාලන ගමන සිතියම් ගත කිරීම.
2. සන්නිවේදනය හා සන්නාමකරණය.
3. බිම් මට්ටමේ ව්‍යාපාර හා ස්වේච්ඡා සේවකයින් බලමුළු ගැන්වීම.
4. අරමුදල් රැස් කිරීම, මූල්‍ය කළමනාකරණය හා විනිවිදභාවය.
සම්බන්ධිත තේමා
1. තාක්ෂණය
2. ස්ත්‍රී පුරුෂ සමාජභාවය
3. තිරසාරත්වය
4. සමාජ සාධාරණත්වය
5. ආරක්ෂාව
6. විදේශ ප්‍රතිපත්තිය
සියවසට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති යොමුව
Centenary Academy හි ප්‍රධාන ප්‍රතිපත්ති යොමුව. සෑම ප්‍රතිපත්ති ක්ෂේත්‍රයකම පැය 14 ක කරුණු අන්තර්ගත ව ඇත. ඔබ මෙය කෙරෙහි උනන්දුවක් දක්වන්නේනම් one@100.lk සමග විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ වී සෑම ප්‍රතිපත්ති ක්ෂේත්‍රයක් යටතේ ඇති උප මාතෘකා පිළිබඳව දැනගත හැක.
ඔබට ප්‍රතිපත්ති කණ්ඩායමක් හරහා සියවසට ශ්‍රී ලංකා ව්‍යාපාරය සමඟ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකිය. නැතහොත් මහජන සම්බන්ධතා, මූල්‍ය හෝ නීති වැනි වෙනත් කණ්ඩායම් සමඟ සම්බන්ධ විය හැක. ඔබට විෂය දැනුමෙන් හෝ ප්‍රායෝගික සහයෝගයෙන් දායක විය හැකිය, නැතහොත් පරිත්‍යාගයක් කළ හැකිය.
නව සමූහය අනුස්ථාපනය හා හඳුන්වා දිම 2022 පෙබරවාරි 4 වන දින සිදු කෙරේ.