අප විශ්වාස කරනා පරිදි ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා කෙටිකාලීන  ප්‍රතිසංස්කරණ අවශ්‍යවන අතරම දිගුකාලීන  ආර්ථික සෞභාග්‍යය සදහා සියලු පුරවැසියන් ප්‍රතිලාභ ලබන තිරසාර මාර්ගයක් අත්‍යවශ්‍යය.

පළමුවෙන්ම, රටේ ණය සේවා අවශ්‍යතා සපුරාලීම, බදු ව්‍යුහයන් තාර්කික කිරීම සහ දූරදර්ශී හා ශක්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැනි නව ක්‍රියාකාරී සැලැස්මක් තුළින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම.තවද, වෘත්තීය වර්ධනයක්, වටිනාකම් යෝජනා විවිධාංගීකරණය කිරීම සහ නව වෙළඳපලවල් සංවර්ධනය කිරීම, ගෝලීය වටිනාකම් දාමයන් සමඟ ඒකාබද්ධ වී වටිනාකම් එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඉලක්කගත අපනයන උපාය මාර්ගයක් මඟින් දිගු කාලීනව ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය වැඩි දියුණු කිරීම,නිසි පරිදි මූල්‍යපාලනය සදහා වන පිස්කල් සහ මූල්‍ය නීතීන් බලසම්පන්න කිරීම​,විවිධාංගීකරණය පදනම්ව එකතුකල අගය සහිත නිෂ්පාදන ක්‍රියාවලිය ආදී බොහෝ සාධනීය අපේක්‍ෂාවන් අප සතුව ඇත​.

දෙවනුව, විවෘත වෙළඳපල පරිසරයක් තුළ දේශීය ව්‍යාපාරවල ඵලදායිතාව සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ හා තාක්‍ෂණය වෙනුවන් ආයෝජනය කිරීමෙන් ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම

තෙවනුව, නව කර්මාන්ත සංවර්ධනය කිරීම, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතිය නැවත සලකා බැලීම, ශ්‍රම සංචරණය සවිබල ගැන්වීම සහ 4 වන කාර්මික විප්ලවය සමඟ තරඟ කළහැකි පරිදි ශ්‍රම බලකාය නැවත පුහුණු කිරීම මගින් ආර්ථිකය අනාගතයට සුදානම් කිරීම සිදු කල හැක. මෙම ක්‍රියවලිය සාර්ථක කර ගැනීමට වෙළඳ ක්‍රියාකාරකම්, පාලනය සහ මහජන ජීවිතය සඳහා වූ ප්‍රවෛගික, අන්තරගකරණය වූ ඩිජිටල්කරණ උපාය මාර්ගයක් අනුගමන කල යුතුය. 

අවසාන වශයෙන්, ප්‍රායෝගික හා ව්‍යාපාර හිතකාමී නියාමන හා නෛතික රාමුවක් නිර්මාණය කිරීම මෙම ක්‍රියාකාරකම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහය වන අතර  තිරසාර ඉදිරි ගමනක් සහතික කරනු ඇත

අපගේ විශ්වාසය නම් සෑම පුද්ගලයෙක්ම සෑම ජන සාමූහිකයක්ම එක සමාන වටිනාකමකින් යුක්තබව සහ සමානවම ශ්‍රී ලංකාවට අයිති බවයි.අපගේ අපේක්ෂාව වන්නේ විවිධත්වය අගයන සහ ප්‍රවර්ධනය කරන,සම අයිතිවාසිකම් සුරකින,සියළු පුරවැසියන්ගේ සහ සමූහයන්ගේ වගකීම්, වරප්‍රසාද, ආරක්ෂාව තහවුරු කරන  ශ්‍රී ලංකාවක් බිහිකිරීමයි.ශ්‍රී ලංකාව  සංහිඳියාවට ඉතා අවම වගවීමක් සහිත වූ වාර්ගික සහ ආගමික ප්‍රචණ්ඩත්වයේ චක්‍රයන්ට මුහුණ දී ඇතිබව අපි පිළිගනිමු. එමෙන්ම ස්ත්‍රීන් , පීඩිත කුලයන් හා  සමාජ පන්තීන්,ආබාධිත පුද්ගලයන් ,සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික සමාජභාවයන් මත පදනම්ව සමාජභාවිතයෙන් සහ නායකත්ව භූමිකාවන්ගෙන් ආන්තිකරණයට ලක්ව ඇති බව අප පිළිගනිමු.

මෙම වැරදීම් නිවැරදි කිරීමට අප සඵත වන අතරම සියළු වාර්ගික,ආගමික කොටස්, ස්ත්‍රීන් ,ආබාධිත පුද්ගලයන්, පීඩිත කුලයන් සහ පන්තින් මෙන්ම සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික සමාජභාවයන් සහිතවූවන් යන සමූහයන් අන්තර්ග්‍රහණය වන ප්‍රතිඵත්තීන් සම්පාදනයකිරීමට දායකවන්නෙමු.

මෙම පදනම් මත සිට වගවීම සහ නීතියේ ආධිපත්‍යය බලාත්මක කිරීමට අප කැපවෙමු. සියලුම ජන කොට්ඨාෂ වලට අධ්‍යාපනය,රැකියා,ආරක්ෂාව, නීතියට හා රාජ්‍ය ආයතන වලට ප්‍රවේශ වීමට අවස්ථාව, ජාතික තලයේ තීරණ තීන්දු ගැනීමට සම අවස්ථා ඇති ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අපි සැලසුම් කරමු. සියලු ජන කොට්ඨාෂ වල අයිතීන් වලට අනුකූල ප්‍රගතිශීලී හා මානව අයිතීන් පදනම් කරගත් නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට අපි ප්‍රතිඥා දෙමු.

පාරිසරික හා කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සම්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ජෛව විවිදත්වය හා දේශගුණික විපර්යාස යන සන්දර්භයන් තුල වේ. දේශගුණික විපර්යාස හා ජෛව විවිදත්වයට ( ශාක හා සත්ව විශේෂ) බලපාන තර්ජන කළමනාකරණය කිරීම, පාරිසරික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය ඉතාම තීරණාත්මක කරුණු දෙක ලෙස  එක්සත් ජාතීන් හා අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන හඳුනාගෙන ඇත. මෑත කාලීනව ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස වල බලපෑම් හා ජෛව විවිදත්ව පද්ධතියට වූ හානිවලට මුහුණදී ඇත.  ගෝලීය දේශගුණික තර්ජන දර්ශකයට අනුව 2016, 2017, 2018  වර්ෂයන්වල, දේශගුණික විපර්යාස වල බලපෑමට වඩාත්ම ලක්වූ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත්  විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජෛව විවිදත්වය පරිහානියට ලක් වෙමින් පවතී. උදා:- ක්ෂීරපායි සත්ව විශේෂ 56 % වඳවී යාමේ තරජනයට මුහුණ දෙමින් සිටී 

ශ්‍රී ලංකාවේ වර්ෂාපතන ස්වභාවයට  දේශගුණික විපර්යාස මගින්   ප්‍රධානතම බලපෑමක් වී ඇත. වසර දහස් ගණනක් තිස්සේ මෙරට වර්ෂාපතන රටා කල් තියා හඳුනාගැනීම මගින් යල මහ කන්නවලට කෘෂිකාර්මික  කටයුතු සිදු කෙරිණි. මෙරට ජනගහණයෙන්  30%- 40% පමණ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ  රැකියාවල නියැලෙන  අතර, ඒ අනුව දේශගුණික විපර්යාස එයට ඍජුව බලපෑම් කරයි. වසර 2035 වන විට වර්ෂාපතනය 30 % දක්වා අඩුවීමෙන් ජල හිඟය ඉතා තීරණාත්මක අරගලයක් බවට පත්වන බවට අනුමාන කෙරේ. වනාන්තර මෙරට ක්ෂුද්‍ර දේශගුණය පාලනය කිරීමට ඉතා වැදගත් කර්යභාර්යයක් ඉෂ්ට කරයි, නමුත් වත්මන් වන විනාශයට බලපාන ප්‍රතිපත්ති ( හා පොසිල ඉන්ධන මත රඳා පැවතීම වැනි මනුෂ්‍ය ක්‍රියාකාරකම්) දේශගුණික විපර්යාස තරජනයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාවට  බරපතල තර්ජනයක් එල්ල කරයි. දේශගුණික විපර්යාස වල හා ජෛව විවිදත්වයට වන හානි වල බලපෑම පරිසර හානියට සීමාවනවා පමණක්  නොව, එය සම්පත් අරගල සඳහා උත්ප්‍රේරකයක් ලෙසද සම්බන්ධ වේ.

දේශගුණික විපර්යාස තර්ජනය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධ දේශගුණික විපර්යාස ප්‍රතිපත්තියක් හඳුනාගෙන ඇත. අපගේ ප්‍රතිපත්ති නිර්දේශයන් මෙම දැනට පවතින රාමුව සංවර්ධනය කිරීම මත පිහිටා කටයුතු කරනු ලැබේ.

සියවසට ශ්‍රී ලංකා රෝගියා/ජනතාව මූලික කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් විශ්වාස කරන අතර එය විශ්ව සෞක්‍ය ආවරණ මූලධර්ම අනුව පාලනයවන කාර්යක්ෂම සෞක්‍ය සේවාවක් විය යුතු අතර සමාජ සාධාරණත්වය හා රෝගී අයිතිවාසිකම් සහතික කරන සැමට සමාන ප්‍රවේශයක් ලබාදෙන සේවාවක් විය යුතුය. මෙම සෞක්‍ය සේවාව සැමට සමාන ප්‍රවේශයක් සහිත වන ලෙස සංවර්ධනය කලයුතු සේම එයට සමස්ථයක්  ලෙස එය පාලනය කිරීමේදී  තිරසාර හා වගවීමේ යාන්ත්‍රණයක් මගින් සහයෝගය දැක්විය යුතුය.

අප සංවිධානය ඉල්ලා සිටින්නේ අගතියකින් තොර සෞඛ්‍ය  සේවාවක් සඳහා ප්‍රවේශය සැලසීමට හැකි සෞඛ්‍ය  සේවාවේ විවධ පාර්ශවකරුවන් විශේෂයෙන්ම බිම් මට්ටමේ පාර්ශවකරුවන් අතර සහයෝගිතාවය දිරිමත් කරන, තිරසාර, සාධාරණ, වගවීමක් සහිත නිදහස් සෞඛ්‍ය සේවයකි. සෞඛ්‍ය සේවයේ  සංවර්ධනය උදෙසා වෛද්‍ය අධ්‍යාපනයට, තාක්ෂණය, ඩිජිටල්කරණය, පර්යේෂණ හා සංවර්ධන, වෛද්‍ය තොරතුරු, සෞඛ්‍ය නවෝත්පාදන හා සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීම සියවසට ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් වේ.

සියවසට ශ්‍රී ලංකා  සංවිධානයේ  සෞඛ්‍ය  ප්‍රතිපත්තිය සම්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් ඇකඩමිය හරහා අනාගත නායකයන් ප්‍රධාන අවධානය යොමු වන සාධක තුනක් වෙත දැනුවත් කිරීම මගින් (අ) පර්යේෂණ හරහා වත්මන් සෞඛ්‍ය ප්‍රතිපත්ති වල ඇති හිඩැස් හඳුනාගැනීම. (ආ) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය අවශ්‍ය වන වැදගත් අංශ හඳුනාගැනීම හා (ඇ) අනාගතවාදී හා ප්‍රත්‍යස්තිථ  සෞඛ්‍ය කේෂ්ත්‍රයක් උදෙසා සංයුක්තව ක්‍රියා කිරීම.

මෙකි අරමුණු සිත තබාගෙන සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අප විසින් පහත කාණ්ඩ යටතේ ක්‍රියාකාරී සැලසුමක් යෝජනා කරමු. 

මෙම අරමුණු ඉටුකර ගැනීම සදහා ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන මූලිකාංගයන් ගෙන් සමන්විත වූ සෞඛය ප්‍රතිපත්තියක් අපගේ පැතුම වේ.

  1. රෝග වැළැක්වීම සහ සුවසේවා පහසුකම් සැපයීම​
  2. රෝග නිවාරණ සේවා
  3. පුනරුත්ථාපන සහ ඔෳෂද සේවා
  4. සෞඛය පරිපාලනය​
  5. සෞඛය මූල්‍ය​

ඉගෙනුම ලබන්නා සහ ලකුණු නොව  ප්‍රථිපල මූලික කොටගත අධ්‍යාපන පද්ධතියකට පසුබිම සකස්කිරීම ඉතා වැදගත් වේ.මෙය සදහා අපගේ ප්‍රථිපත්ති කේන්ද්‍ර ගත වීම පහත මූලිකාංග 5 මත පදනම් වේ.ඉගෙනගන්නන්, අධ්‍යාපනවේදීන් , ඩිජිටල් ප්‍රවේශය,අරමුදල් සම්පාදනය සහ පර්‍යේශන.ඉගෙනගන්නන් සදහා සුරක්ෂිත අනාගතයක් බිහිකරගත ගැකි අධ්‍යාපනයක් අපගේ අභිමතාර්ථයයි. ඉගෙනගන්නන් හට ආරක්ෂාව,පෝෂණය , කායික සහ මානසික යහ පැවැත්ම ,මූල්‍ය සුරක්ෂිතභාවය සහිත ශක්තිමත් විශය නිර්දේශයක්. වැඩකරමින් ඉගෙනගනිමු සංකල්පය ඔස්සේ අ.පො.ස උ/පෙළ,සා/පෙළ දරු දැරියන් සදහා සිය රුචිකත්වයට මත උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අවස්ථා සපයා දීම අපේ අපේක්ෂාවයි.ගුරුවරුන් සහ පාසල් පරිපාලකයින් සදහා මධ්‍යගත කරන ලද ප්‍රථිපල මත පදනම් වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩපිළිවලක් අධ්‍යාපනවේදීන් සදහා අප සැලසුම්කොට ඇත​.

ඩිජිටල් අංශය යටතේ සෑම පංතිකාමරයක්ම අන්තර්ජාල පහසුකම සහිත නවීන දැනුමේ කේන් ද්‍රස්ථානයන් වනු දැකීම අපගේ අරමුණයි.කලාප කාර්‍යාල සහ ඍජුව සම්බන්ධව අරමුදල් ලබා ගැනීමේ අවස්ථාවන් සදහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතුකිරීම අප අපේක්‍ෂාවයි.​ගෝලීය සහ කලාපීය ලෙස පර්‍යේශන සදහා කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍ර්‍රි ලංකාව පත්කිරීම අපගේ අවසන් අභිප්‍රාය වේ.

දේශපාලන හා රාජ්‍ය පාලනය සම්බන්ධ කමිටුවේ අරමුණු වන්නේ දේශපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය, නායකත්වය සම්බන්ධයෙන් දැනුම ලබාදීම හරහා තාරුණ්‍යයට ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට අවකාශ සලසා දීමට, එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා දීමය. තවද, එකී පුද්ගලයන්ට එම ආයතන වල පවතින දුර්වලතා හඳුනාගෙන විවේචනාත්මකව විශ්ලේෂණයට අවශ්‍ය මෙවලම් ලබාදීමට අපේක්ෂා කරමු. කමිටුවේ වැදගත්ම අපේක්ෂාව වන්නේ, මෙකි පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති සම්පාදන, විවාද කුසලතා, විවේචනාත්මක චින්තන කුසලතා සංවර්ධනය කිරීම මගින් එම පුදගලයන් සන්නද්ධ කිරීමෙන්  තම ඡන්ද කොට්ඨාශ හා ඉන් ඔබ්බට කාර්යක්ෂම, අර්ථවත් නායකයන් බවට පත් කිරීමයි. 

කමිටුවේ කර්යභාර්යය බිම් මට්ටමේ සිට ආණ්ඩුව දක්වා අනුනාදය වන ලෙස, ආණ්ඩුවේ කර්යභාර්යය සාමාන්‍ය  පුරවැසියන්ට දැනෙන පරිදි පුද්ගලයන්  විසින් සමකාලීන දේශපාලන විවාද හා ජාතික මට්ටමින් වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ. සිය විෂයමාලාව හා පුහුණුව හරහා දේශපාලන හා සාමාජීය පරමාදර්ශයන් හුවමාරුව තුලින් නව පරපුරේ නායකයන් ඍජු, දැනුවත්භාවයෙන් යුතුව ආණ්ඩුකරණයට පෙළඹවීම කමිටුවේ දීර්ඝ කාලීන දායකත්වයක් ලෙස අරමුණු කෙරේ.